Hyppää sisältöön
Etusivu » සිංහල (sinhala)

PAM යනු ෆින්ලන්තයේ සේවා ක්ෂේත්‍රයේ සේවකයින්ගේ වෘත්තීය සමිතියයි

ඔබ කුමන රටකින් පැමිණියත්, ෆින්ලන්තයේ වැඩ කරන සෑම සේවකයෙකුටම අයිතිවාසිකම් ඇත. ඔබ පිරිසිදු කිරීම, සිල්ලර වෙළඳාම, ලොජිස්ටික්ස්, ආපනශාලා, හෝටල් හෝ සංචාරක ක්ෂේත්‍රයේ සේවය කරන්නේ නම්, PAM ඔබේ වෘත්තීය සමිතියයි.

PAM සිදු කරන ෙස්වාවන් ෙමානවාද?

✅ PAM විසින් රැකියා අයිතිවාසිකම් සම්බන්ධ කරුණු වලදී අවශ්‍ය සහාය සහ නීතිමය උපදෙස් ලබා දෙයි

ඔබ PAM හි සාමාජිකයෙකු වූ විට, සේවා ජීවිතය පිළිබඳ ගැටළු හෝ ඔබේ සේවායෝජකයා සමඟ ආරවුලක් ඇති වුවහොත් PAM හි විශේෂඥයින්ගෙන් උපදෙස් සහ උපකාර ලබා ගත හැකිය.

✅ PAM විසින් පඩි වැඩිවීම් සහ අනෙකුත් සේවා කොන්දේසි පිළිබඳව සාකච්ඡා වලට එළඹෙයි

නීතියෙන් නියම කර ඇති ප්‍රමාණයට වඩා හොඳ කොන්දේසි සහිත සේවා ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් (collective agreements) PAM විසින් සාකච්ඡාවට භාජනය කරයි. සාමූහික ගිවිසුම් වලට අවම පඩිය, වැඩකරන කාලය, ලෙඩ නිවාඩු පඩිය, නිවාඩු දීමනා සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ. උදාහරණයක් ලෙස PAM හි සාමූහික ගිවිසුම් වලට අදාළව සේවකයින්ට සවස සහ රාත්‍රී වැඩ සඳහා අමතර පඩියක් මෙන්ම සතියකට නිවාඩු දින දෙකක් ලැබීමටද අවස්ථාව හිමිවේ.

✅ PPAM විසින් රැකියා විරහිතභාවයට ආරක්ෂාව සපයයි

ඔබ PAM හි සාමාජිකයෙකු වූ විට, PAM හි රැකියා විරහිත අරමුදලට ද ඔබ සම්බන්ධ වේ. ඔබ කරමින් සිටි රැකියාව අහිමි වී රැකියා විරහිත දීමනාව ලබා ගැනීමට අවශ්‍ය අනෙකුත් සුදුසුකම්ද සම්පූර්ණ වී ඇත්නම්, ඔබ එවකට ඉපැයූ වේතනය මත පදනම්ව රැකියා විරහිත දීමනාවක් ඔබට ලබා ගත හැක.

✅ PAM විසින් පුහුණුවීම් කඳවුරු, උත්සව, සමවයස් මිතුරු සහායක හමුවීම් සංවිධානය කරයි

ඔබට විශ්වාසෙයන් යුතුව දැනුවත් වීමට හැකි වන පරිදි

ඔබට විශ්වාසයෙන් යුතුව දැනුවත් වීමට හැකි වන පරිදි අපි භාෂා ක්ලබ් (club), CV සකස් කිරීමට උපකාර, තොරතුරු සැසි (information session) සහ තවත් බොහෝ දේ පිරිනමන්නෙමු. ඔබට අන් අය හමුවීමට, ඔබේ අයිතිවාසිකම් ගැන දැන ගැනීමට සහ ඔබේ කුසලතා නොමිලේ වර්ධනය කර ගැනීමට එමගින් අවස්ථාව ලැබේ. මතැනින් PAM ජාලයට සම්බන්ධ වන්න

ෆින්ලන්තයේ අවම වැටුප කුමක්ද?

ෆින්ලන්ත නීතියට අනුව නියම කරන ලද අවම වැටුපක් නොමැත. බොහෝ ක්ෂේත්‍රවල අවම වැටුප නියම කර ඇත්තේ වෘත්තීය සමිතිය සහ සේවායෝජක සංගමය අතර සාකච්ඡා කරගනු ලැබුණු සාමූහික ගිවිසුම් මගිනි. එම නිසා, විවිධ ක්ෂේත්‍ර අතර වැටුප් ක්‍රම සහ අවම වැටුප වෙනස් වේ.

සාමාන්‍යයෙන් වැටුප් සමන්විත වන්නේ:

නිතර අසනු ලබන ප්‍රශ්න

වෘත්තීය සමිතියක් යනු සේවකයින්ගේ සංවිධානයකි. සේවකයින් තම වැටුප්, වැඩ කරන කාලය සහ අනෙකුත් සේවා කොන්දේසි වැඩිදියුණු කර ගැනීම සඳහා වෘත්තීය සමිතියකට සම්බන්ධ වේ.

වෘත්තීය සමිති සේවායෝජකයින් සමඟ සාකච්ඡා කර ඒ මත පදනම්ව සාමූහික ගිවිසුම් සකස් කරයි. රැකියා ස්ථාන (ආයතන) ගිවිසුම්වලට අනුකූලව කටයුතු කරන බවටත් සේවකයින්ට සාධාරණ ලෙස සලකන බවටත් ඔවුන් එමගින් තහවුරු කරයි.

වෘත්තීය සමිති තම සාමාජිකයින්ට නීතිමය ආධාර, උපදෙස් සහ පුහුණුව වැනි සහයෝගයන් ද ලබා දෙයි.

ෆින්ලන්තයේ සෑම සේවකයෙකුටම වෘත්තීය සමිතියකට සම්බන්ධ වීමට අයිතියක් ඇත.

ඔබ ෆින්ලන්තයේ පෞද්ගලික සේවා ක්ෂේත්‍රයක වැඩ කරන්නේ නම් ඔබට PAM හා සම්බන්ධ විය හැකිය.

උදාහරණයන් ලෙස:

  • පිරිසිදු කිරීමේ හෝ දේපළ නඩත්තු ක්ෂේත්‍රයේ
  • සිල්ලර හෝ තොග වෙළඳාමේ හෝ වෙළඳ සැපයුම් (commerce logistics) ක්ෂේත්‍රයේ
  • හෝටල්, ආපනශාලා හෝ ඉන්ධන පිරවුම්හල්වල

එමෙන්ම ඔබ සේවා ක්ෂේත්‍රයේ රැකියාවකට ඉගෙනුම ලබන්නේ නම්, ආහාර බෙදාහරින්නෙකු ලෙස වැඩ කරන්නේ නම් හෝ ස්වාධීන වෘත්තිකයෙකු නම් ඔබට PAM හා සම්බන්ධ විය හැකිය.

PAM සාමාජිකත්වය ගැන කියවන්න (ඉංග්‍රීසියෙන්)
ශිෂ්‍ය සාමාජිකත්වය ගැන කියවන්න (ඉංග්‍රීසියෙන්)
ආහාර බෙදාහරින්නන් සමඟ PAM හි සහයෝගීතාවය ගැන කියවන්න (ඉංග්‍රීසියෙන්)

මම පෞද්ගලික සේවා ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත. මම සම්බන්ධ විය යුත්තේ කුමන සමිතියකටද?

ඔබට liitot.fi/en වෙබ් අඩවියෙන් ක්ෂේත්‍රය හෝ සේවායෝජකයා අනුව සුදුසු වෘත්තීය සමිතියක් සොයාගත හැකිය.

මෙම විද්‍යුත් පෝරමය පිරවීමෙන් හෝ අපගේ සාමාජික සේවාවට ඇමතීමෙන් +358 (0)30 100 630 ඔබට සම්බන්ධ විය හැක.

ඔබගේ සම්බන්ධතා තොරතුරු වලට අමතරව, ඔබගේ ෆින්ලන්ත හැඳුනුම්පත (personal identity code) සහ ඔබගේ රැකියා ස්ථානයේ නිල නාමය ලබා දිය යුතුය.

PAM සාමාජිකත්වය ගැන වැඩිදුර විස්තර ඉංග්‍රීසියෙන් කියවන්න.

බැහැ, එසේ කළ නොහැක. ඔබගේ ජාතිකත්වය පදනම් කරගෙන අන් අයට වඩා අඩු පඩියක් හෝ දුර්වල සේවා කොන්දේසි ඔබට පැනවිය නොහැක. වෙනස්කම් කිරීම තහනම් වේ.

සාමූහික ගිවිසුමක් යනු වෘත්තීය සමිතිය සහ සේවායෝජකයින් අතර ඇති කර ගන්නා ගිවිසුමකි. ගිවිසුම මගින් වැටුප, වැඩ කරන කාලය, නිවාඩු සහ අනෙකුත් සේවා කොන්දේසි සඳහා අවම අවශ්‍යතා නියම කරයි.

සාමූහික ගිවිසුම් යම් නිශ්චිත සමාගමකට හෝ මුළු ක්ෂේත්‍රයටම අදාළව සාකච්ඡා කළ හැකිය. PAM හි බොහෝ සාමූහික ගිවිසුම් ක්ෂේත්‍රයට අදාළ වන අතර එම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන සියලුම සමාගම් සඳහා අදාළ වේ.

PAM සාමූහික ගිවිසුම් ලැයිස්තුව (ඉංග්‍රීසියෙන්)

බැහැ, ඔබට එසේ කළ නොහැක. ඔබට සැමවිටම වඩා හොඳ කොන්දේසිවලට එකඟ විය හැක – නමුත් කිසි විටෙකත් ගිවිසුමේ අවම කොන්දේසිවලට වඩා නරක කොන්දේසිවලට එකඟ විය නොහැක. ඔබ නරක කොන්දේසි සහිත ගිවිසුමකට අත්සන් කළද, එය වලංගු නොවේ. නීතියේ සහ සාමූහික ගිවිසුමේ සඳහන් කර ඇති දේ සඳහා ඔබට සැමවිටම අයිතිය ඇත.

ඔව්, ඔබව රැකියාවෙන් ඉවත් කිරීමට පෙර ඔබ PAM හි සාමාජිකයෙකු වී සිටියේ නම්.

PAM තම සාමාජිකයින්ට උදව් කරන ආකාරය මෙන්න:

  • සේවකයින්ව රැකියාවෙන් ඉවත් කරන්නේ කෙසේද සහ ඇයිද යන්න පිළිබඳව නීති ඇත. සාමාජිකයින්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බව තහවුරු කිරීමට PAM උදව් කරන අතර රැකියාවෙන් ඉවත් කිරීමේදී පවත්වන විමසීම් වලදී සහාය ලබා දෙයි. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් PAM අමතන්න. සම්බන්ධතා තොරතුරු
  • PAM හි සාමාජිකයෙකු ලෙස, ඔබ සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැකියා විරහිත අරමුදලේ ද සාමාජිකයෙකි. ඔබ රැකියා විරහිත තත්ත්වයට පත් වී ඊට අදාළ නියමිත අවශ්‍යතාද සපුරන්නේ නම්, රැකියා විරහිත අරමුදල මගින් ඔබට ඔබ ඉපයූ වැටුප මත පදනම් වූ රැකියා විරහිත දීමනාවක් ගෙවනු ඇත. මෙම දීමනාව ඔබේ පඩියට වඩා අඩු නමුත් සාමාන්‍යයෙන් රජය විසින් ගෙවනු ලබන මූලික දීමනාවට වඩා වැඩිය.
  • PAM තම සාමාජිකයින්ට රැකියාවන් හෝ අධ්‍යාපනික අවස්ථා සොයා ගැනීමට පුද්ගලික සහාය ද ලබා දෙයි. PAM වෘත්තීය සමිතියේ පුහුණුව හරහා ඔබට ඔබේ කුසලතා හඳුනා ගැනීමට සහ රැකියාවක් සෙවීමේදී අවශ්‍ය සහාය ලබා ගැනීමට වඩා හොඳින් හැකි වේ.

වැඩිදුර කියවන්න ඉංග්‍රීසියෙන්

අපේ සාමාජිකයෙකු වන්න

ඔබ පෞද්ගලික සේවා අංශයේ වැඩ කරනවා නම් PAM හා එක්වන්න. PAM ඔබේ වැටුප සහ රැකියා කොන්දේසි ගැන සාකච්ඡා කරයි. රැකියාවේ ගැටලුවක් ඇති වුණොත් PAM ඔබට උදව් කරයි.

Haku